ආරක්ෂක අංශය ගැන බුද්ධි වාර්තාවක්... සම්බන්ධතා තියේනම් දඬුවම්

By Gagana News Mar 01, 2025 11:46 AM GMT
Report

මේවන විට පාතාලය සමග කිට්ටු සම්බන්ධතා පවත්වන ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් විශේෂ බුද්ධි තොරතුරු එක්රැස් කරමින් සිටින බව වාර්තා වනවා.

පාතාලය සමග කිට්ටු සම්බන්ධතා පවත්වන පිරිස හඳුනා ගතහොත් ඔවුන්ට එරෙහිව ආයතනික නීති සහ අපරාධ නීති සංග්‍රය යටතේ කටයුතු කරන නබව සඳහන්.

පොලිසිය හමුදාව මෙන්ම ආරක්ෂක අංශවල සාමාජිකයින් පාතාලය හා සම්බන්ධව ක්‍රියා කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පාතාල කණ්ඩායම් සමග ඇතැම් පොලිස් සහ හමුදා නිලධාරින් ගනුදෙනු කිරීම සම්න්බන්ධයෙන් මේවන විට තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා.

පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි

පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි

ඉතාමත් සමීප කාලය තුල ආරක්ෂක අංශ වෙත මෑතකදී ආරක්ෂක අංශය වෙත බඳවාගෙන ඇති නිලධාරින්න්ගේ පවුලේ සාමාජිකයන් පාතාලය සමග සම්බන්ධ බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම නිසා මේ ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අමාත්යංශය පවසන්නේ .