2028දී 5හේ ශිෂ්‍යත්වය නෑ?ළමුන්ට පීඩනයක් නැති නව ක්‍රමයක්
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ ආන්දෝලාත්මක ප්‍රකාශයන් පසුගිය රජය විසින් සිදු කරනු ලැබුවා. ඒ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට ඔවුන් සූදානම් බවයි. නමුත් ඒ පිළිබඳව ඔවුන් තව වෙන තුරු නිශ්චිත තීරණයක් ගෙන නැත.
ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අන්තර්ගතය වෙනස් කර නව විභාග ක්‍රමවේදය 2028 වසරේ සිට ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ශිෂ්‍යත්ව විභාගය කියන්නෙම තරගකාරී විභාගයක්.
එම නිසාම මෙම විභාගයට මුහුණදෙන දරුවන්ගේ විභාග පීඩනය අවම කිරීමට මෙම තීරණය ගත් බවත් විභාග පිළිබඳ තිබෙන තරගකාරීභාවය සහ පාසල් අතර පවතින විෂමතාව නතර කිරීම මෙමඟින් සිදු කිරීමට අපේක්ෂිත බවත් අගමැතිවරිය ප්‍රකාශ කළාය.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අගමැතිවරිය මේ බව ඊයේ (23) පැවසුවාය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් විභාගයේ අන්තර්ගතය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පවත්වන බවත් අගමැතිවරිය ප්‍රකාශ කළාය.
