බලන්නකෝ කෝලි සිංහලෙන් ෂකීබ්ට කියන දේ ...(VIDEO)
By Piyumika
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර චෙන්නායි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුර ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර සිදු වූ කතාබහක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.
එහිදී විරාත් කෝලි විසින් සිංහල භාෂාවෙන් “නියමයි මල්ලි” යනුවෙන් ෂකීබ් අල් හසන්ට පවසන ආකාරය එහි දැක්වෙනවා.
බංගලාදේශ හිටපු නායකයාට එය නොතේරෙන විට කෝලි පැහැදිලිවම කියාසිටියේ “මාලිංග බනා හුවා, යෝකර් පෙ යෝකර් (ඔය මාලිංග වගේ යෝකර් දානවනේ ) යනුවෙනි.
පිතිකරණයේ යෙදී සිටි විරාට් කෝලිට; සකීබ් විසින් යෝකර් පන්දු කිහිපයක් එකදිගට යොමු කිරීමෙන් පසු කෝලි මෙම හාස්‍යජනක ප්‍රකාශය සිදුකර තිබෙනවා.