එපා කියපු වැඩ කරන්න ගිය ඡන්දදායකයෝ දෙන්නෙක් අත්අඩංගුවට ..

Report

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කිරීමේ හොඳ ප්‍රවනතාවක් දක්නට ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

දකුණු කැරොලිනා ප්‍රාන්තය වසර 13 කට පසු ප්‍රථම මරණ දඬුවම ලබා දේ..

දකුණු කැරොලිනා ප්‍රාන්තය වසර 13 කට පසු ප්‍රථම මරණ දඬුවම ලබා දේ..

අද (21) දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කරන ලදී.

මේ අතර ඡන්දය සලකුණු කිරීම ඡායාරූප ගත කළ මීටියාගොඩ ප්‍රදේශයේ පුදගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසිය.

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය ..

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය ..

එමෙන්ම යාපනය ප්‍රදේශයේ ඡන්දදායකයෙක් ඡන්ද පත්‍රිකාවෙන් කොටසක් රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වී ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කළේය.

අද (21) පස්වරු 7.00 පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකියාව පවතින බව සඳහන් කළ ඔහු, පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි පවසන ලද්දේ.