දුම්රිය වර්ජනයට වුණු දේ

By Mithu May 18, 2025 04:47 AM GMT
Report

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

වැඩ වර්ජනය අසාධාරණයි ! ප්‍රවාහන අමාත්‍යංශය හේතු කියයි

වැඩ වර්ජනය අසාධාරණයි ! ප්‍රවාහන අමාත්‍යංශය හේතු කියයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගනු ලැබීය. මෙම වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වු අතර ඊයේ සහ පෙරේදා යන දිනවල රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ද නතර වී තිබුණි.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි