විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි [Photo]
මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අනුදි ගුණසේකරයි. ඇය 2024 සියත Miss Sri Lanaka කිරුළ හිමි කරගෙන Miss world කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව හිමි කරගත්තා. අනුරපුර පුරවරයේ උපන් 25 හැවිරිදි ඇය කැළණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියකි.
ඇයගේ මව රූපලාවණ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අතර ඇයගේ පියා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරයි. ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂිය ගුණාංගවලින් සපිරි තරුණියක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. ඒවගේම ඇය සමාජ ක්‍රියාකාරිනියක් විදියටත් කටයුතු කරනවා.
ඉතින් මේ වෙද්දි ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කරන්න ඉන්දියාවට ගිහින් එන්න ඇය මේ දවස් කීපයේම විවිධ තරඟ ඉසව් සඳහා ලස්සනට හැඩ වෙලා තිබුණා. ඇය මුලින්ම සහභාගි වූ තරග ඉසව්ව වෙනුවෙන් ලාංකිකත්වය සංකේතවත් කරමින් නිල් මානෙල් මලෙන් යුතු සාරියක් තමයි ඇඳගෙන හිටියේ. ඒ සඳහා විශාල පිරිසකගේ පැසසුම් ඇයට හිමි වුණා. පහත දැක්වෙන්නේ ඇය විවිධ තරඟය ඉසව් සඳහා තෝරා ගත් ඇඳුම් විලාසිතයි.














