බල පුටුව උඩදිම පණ ඇද්ද ලසන්ත මිනී වළ කපන් තියෙන්නේ අද ඊයේ නෙවේ - පැටිකිරිය එළිවෙයි
මීට සුළු මොහොතකට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ ලසන්ත වික්‍රමසේකර (සජබ) වෙඩි ප්‍රහාරයකට ලක්ව අවසන් හුස්ම හෙළුවා.
ඒ ප්‍රාදේශීය සභා කාර්යාලයේ සභාපති පුටුව උඩදිම යතුරුපැදියකින් ආපු හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙක් තියපු දරුණු වෙඩි ප්‍රහාර නිසා.
කොහොම වුණත් මේ වෙන කොටත් දැඩි ආන්දෝලනයකට වගේම සමාජයේ වේගයෙන් සංසරණය වෙන මේ ඝාතනය ගැන ගත වෙන තත්ත්පරෙත් විවිධ කතා ඇහෙනවා.
ඒ අතරේ ගොඩක් ඒවා අපිට කාලෙක ඉඳන් ඇහෙන්න තිබ්බ හැබැයි අපි කවුරුත් හිතපු නැති කතා.
මියගිය ලසන්ත වික්‍රමසේකරට විරුද්ධව මෑතකදී අධිකරණ වරෙන්තුවක් නිකුත් කරපු බවට තිබ්බ පුවත් මීට මාසෙකට විතර කළින් අපි දැක්කනේ.
ඒ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වුණ නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කළා කියපු සිද්ධියකට අදාළ නඩුවකට පෙනී හිටියේ නැති නිසා.
ඒ නඩුව පවරලා තිබ්බේ පහුගිය පළාත් පාලන මැතිවරණ කාලේ නීතිඥ තාරක නානායක්කාරට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමසේකරට විරුද්ධව වින්දිතයන් සුරැකීමේ පනත යටතේ. ඒක එක කතාවක්.
අනිත් පැත්තෙන් ඇහෙන්නේ වැලිගම ප්‍රාදේශීය සභාපති ඡන්දය ඉල්ලන්න කළින්ම 'අපේක්ෂක' කාලේ ලසන්තට පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධතා තිබ්බා කියලත් මිදිගම ලසා කියන නමින් ඔහුව හදුන්වනු ලැබූ බවටත් ආව විරෝධය.
තව ටිකක් අතීතෙ හාර අවුස්සලා බැලුවම ලසන්ත වික්‍රමසේකර එහෙම නැත්තම් තව අය කියන විදිහට මිදිගම ලසා 2018 දී පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.
ඒ වගේම මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 පළාත් පාලන මැතිවරණයට වැලිගම ප්‍රාදේශිය සභාවට මිදිගම බටහිර කොට්ඨාසයෙන් සජබෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඒ විතරක් නෙවෙයි ලසන්ත වික්‍රමසේකරට සංවිධානාත්මක අපරාදකරුවෙක් වන නදුන් චින්තක හෙවත් හරක් කටා එක්ක සමීප සම්බන්දතා තිබ්බා කියලත්, හරක් කටාගේ අපරාධ ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ මෙයා කියලත්, ඒ මදිවට මත්ද්‍රව්‍ය ජාවාරමේ ලසන්ත නිරත වෙනවා කියලත් එකකට එකක් අඩු නැති චෝදනා ගොඩක් එල්ල වෙලා තිබිලා තියෙනවා.
ගොඩක් අය ලසන්තව දන්නේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් විදිහට වුණත් ලසන්ත කියන්නේ කළින් කරපු අපරාධ නිසා කීප සැරයක්ම මහ උළු ගෙදර ගිය කෙනෙක් කියලා තමයි ඇහෙන්නේ.
ඒ වගේම පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්දයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි කෙනෙක්. තව තියෙනවා. ආරංචි මාර්ගවලට අනුව 2008දී අවි ආයුධ පෙන්නලා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑවට, පුද්ගලයෙකුට වෙඩි තියලා තුවාල කරන්න ආධාර අනුබල දීම ගැන යටත් වෙන නඩුවකට, ටී 56 ගිනි අවියක් ගෙදර තියා ගැනීමකට, පුද්ගලයන් කිහිප දෙනෙක්ටම මුදල් වංචා කිරීමේ සිද්ධිවලට, සන්ෂයින් සුද්දා කියලා හදුන්වන සංවිධානාත්මක අපරාදකරයෙක්ගේ ඝාතන සැලැස්මක් මෙහෙයවීම වගේ අපරාධ රැසක් ගැන නඩු ගොඩක් ලසන්තට විරුද්ධව විභාග වෙමින් තියෙනවා.
එච්චර චෝදනා තිබ්බ ලසන්ත කොහොමද ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් වුණේ කියලත් දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් එනවනේ.
ඒකටත් උත්තරයක් විදිහට, ලසන්තගේ නම වැලිගම ප්‍රාදේශීය සභාවට යෝජනා කරාට සමගි ජන බලවේගය ඇතුලෙන්ම ලොකු විරෝධයක් තිබිලා කියලා තමයි ආරංචි වුණේ.
හැබැයි පස්සේ කාලේ කොහොමහරි ලසන්ත ඉදිරිපත් කරලා තිබුණා. ඔන්න ඔය වගේ අල ගිය මුලගිය විස්තර ටිකක් එක්ක ලසන්තගේ ඝාතනය ගැන එක එක මතවාද තියෙනවා.
කොහොම වුණත් මේ වෙනකොට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වුණ ලසන්ත වික්‍රමසේකර නැත්තම් මිදිගම ලසා ජීවතුන් අතර නෑ.
තමන්ගේ බල පුටුව උඩම අවාසනාවන්ත විදිහට අවසන් ගමන් යන්න වුණ කෙනෙක් විදිහට ඔහු ගැන මේ වෙන විටත් කළු සුදු අර්ථකථන වගේම චරිත සහතිකත් ලැබෙනවා. මොනවා කළත් මේ ඝාතනයට හේතුව තව ටික දවසකින් රටේ නීතිය හමුවේ ඔප්පු වේවි.
අන්න එදාට අපිට බලාගන්න පුළුවන් ලසන්ත කියන්නේ ඇත්තටම කළු චරිතයක්ද සුදු චරිතයක්ද කියලා.
මොනවා වුණත් සොබා දහම නඩු අහන්න පටන් ගත්තම ඔය මොන චරිතෙත් යටයි කියලා කාට කාටත් තේරුණොත් මළගමේදිවත් දවුල් බෙර වෙනුවෙට මෙහෙම කටකතා සද්දෙට වැයෙන් නැතුව තියෙයි.