ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini May 18, 2025 04:58 AM GMT
Hashini

Hashini

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (18) උදෑසන 9.00ට එම නිවේදනය නිකුත් කර ඇත.

අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.

බ්‍රිතාන්‍යයට එන පාර වැසේ

බ්‍රිතාන්‍යයට එන පාර වැසේ


ReeCha