කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්....
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එසේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ තුනුක්කායි, ඕලුමඩු, ඔඩ්ඩුසුඩාන්, කුමුලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට අද (13) හිරු මුදුන් වන බවයි.