මාස තුනට වෙඩි තැබීම් තිහක්
By Hashini
පසුගිය මාස කිහිපයේදී පුද්ගල ඝාතන විශාල වශයෙන් වැඩි වී තිබෙනවා.
පොලිස් මුලස්ථානය පවසන්නේ පසුගිය මාස තුනක කාලය තුලදී වෙඩි තැබීම් තිහක් සිදුව ඇති බවයි.
එම වෙඩි තැබීම් හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාවද තිහක් බවද වාර්තා වනවා.
පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ පාතාල වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර පාතාල ක්‍රියාකාරකම් මෑත භාගයේදී යම් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි.