අද කාලගුණය වෙනස් වෙයි..කාලගුණයෙන් දැනුම්දීමක්..

Western Province Sabaragamuwa Province Climate Change TN Weather Weather
By Aruna Jul 23, 2023 01:28 AM GMT
Aruna

Aruna

Report

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම්දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි.

මේ අනුව, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

ReeCha