ශ්‍රී ලංකාවේ ළමුන්ට අලුත්ම සෞඛ්‍ය ගැටලුවක් - අවුරුදු 30ක් තිස්සේ තිබ්බේ නැති ප්‍රශ්නයක්

Google Ministry of Health Sri Lanka Kids Latest Headlines Sinhala news
By Ashfa Jul 30, 2025 03:42 PM GMT
Ashfa

Ashfa

Report

ළමුන් හිරු එළියට නොයවා සිටීම හේතුවෙන් විටමින් D හිඟය දැඩි සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

ඔහු පැවසුවේ, වසර 20–30කට පෙර මෙවැනි ගැටළුවක් නොතිබූ බවයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

අද වනවිට දරුවන් එළිමහනට ගොස් සෙල්ලම් කිරීම වෙනුවට, ශිෂ්‍යත්වය සඳහා පාඩම් කිරීම, අමතර පන්ති, වීඩියෝ ක්‍රීඩා, රූපවාහිනිය සහ ජංගම දුරකථන භාවිතය වැනි කටයුතු සඳහා වැඩි වේලාවක් ගත කරන බවත් ඔහු පැහැදිලි කළේය.

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

ඒ නිසා, දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවත් වෛද්‍යවරයා ජනමාධ්‍යට දන්වා සිටී.

තවද ඔහු පැවසුවේ, මැදපෙරදිග සහ යුරෝපීය රටවල දැකිය හැකි විටමින් D ඌනතාවය, හිරු එළිය හොදින් ලැබෙන ලංකාවේ ද දැන් ව්‍යාප්ත වීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි. දරුවන් හිරු එළියේ තබා ගැනීම සඳහා උදෑසන 9 සිට 11 දක්වා කාලය සුදුසුම වේලාව බවද ඔහු අවධාරණය කරයි.

විටමින් D හිඟය වැළැක්වීම සඳහා, විටමින් D ආහාර වන හාල්මැස්සන්, බිත්තර කහමදය සහ මුරුංගා කොළ ආදි ආහාර පරිභෝජනය කළ යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරයි.  

ReeCha