එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

Report

ජපානයට අද (ජූලි 30) උදෑසන දැඩි සුනාමි අනතුරක් ඇතිවිය. මෙය රුසියාවේ නැගෙනහිර වෙරළබඩ සිදුවූ ශක්තිමත් භූමිකම්පනයක් නිසා සිදු වූ අතර, එය රික්ටර් පරිමාණයක 8.7ක් ලෙස සටහන් වී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

මෙම භූමිකම්පනයට අනතුරුව, ජපන් හි කම්චට්කා දිවයිනට අසළ වෙරළබඩට අඩි 13ක් පමණ උසින් සුනාමි තරංග පීඩාකාරී ලෙස එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපන් වායුගෝල විද්‍යා අධිකාරිය හදිසි නිවේදන නිකුත් කළ අතර, සයිරන හා සංඥා මගින් ජාතික මට්ටමින් ජනතාවට අවධානම් නිවේදන කළේය.

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

මේ අතර, ජපන් ජනතාව අතර දැඩි කතාබහට ලක් වුයේ "නව බාබා වාංගා" ලෙස හැඳින්වෙන රියෝ ටට්සුකි (Ryo Tatsuki) නමැති පුද්ගලයෙකුගේ අනාවැකියයි.

ඔහු 1999 දී ලියා පළ කළ "The Future I Saw" නම් පොතේ, ජූලි මස 5 වනදාට නව භූමිකම්පනයක් සහ වෙරළබඩ උණුසුම් වීමක් සිදුවන බව සඳහන් කර ඇත.

2011 මාර්තු 11 දින ජපන්හි සිදුවූ විශාල භූමිකම්පනයක් පිළිබඳවද ඔහුගේ අනාවැකියක් වාර්තා වී ඇත.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ඒ අනුව, මෙවරද ජූලි මාසය තුළ තවත් භූමිකම්පනයක් වාර්තා විය හැකි බව ඔහු පවසනු ලැබූ අතර, එය සංචාරක පැමිණීම මත දැඩි බලපෑම් සිදුකර ඇත.

එහෙත්, ඔහු සඳහන් කළ ජූලි 5 දිනට විශාල භූමිකම්පනයක් සිදුවී නොමැති වුවද, සුනාමි තරංග එල්ල වූයේ ඔහුගේ අනාවැකිට අනුවම යැයි බොහෝදෙනා විශ්මයට පත්ව සිටී.

නමුත් සත්‍යනම් ජපානය භූ තැටි කිහිපයක් මද පැවතීම හේතුවෙන් නිරන්තරයෙන් භූකම්පන සිදුවීම හා සුළු සුනාමි තත්ත්ව ඇති වීම සාමාන්‍ය දෙයකි. අනවශ්‍ය මිත්‍යා විශ්වාස වල නොරැදී තම ආරක්ෂාව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි.