මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි

Report

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට විදහා පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.ඒ දෙස් විදෙස් නරඹන්නන් විශාල පිරිසක් මැදි කොට ගෙනයි.

ඒ අනුව පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි. පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.

මෙදා උත්තම සදාතුක දළදා කරඬුව වඩම්මන්න වාසනාව ලැබූ හස්තිරාජයා මෙන්න

මෙදා උත්තම සදාතුක දළදා කරඬුව වඩම්මන්න වාසනාව ලැබූ හස්තිරාජයා මෙන්න

පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය. ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි