යටිනුවර කම්පා කළ ඛේදවාචකයේ නොසිතූ කතාවක් ඔහු ණය අරගෙන නෑ පොලිසියෙන් පීඩනයක් එල්ල වෙලා මෙන්න විස්තරේ

Sri Lanka Police Kandy Samagi Jana Balawegaya Death Funeral
By Mithu Jul 30, 2025 04:29 PM GMT
Mithu

Mithu

Report

මුළු යටි නුවරම කම්පා කරමින් දියණිය බිරිඳ සමගින් සියදිවි හානි කරගත් යටින් නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික මහතා පිළිබඳව තවත් අලුත් කතාවක් හෙළි වී තිබේ. කලින් සඳහන් කර තිබුණේ ඔහු ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකි වූ නිසා සියදිවි හානි කර ගත්බවයි.

නමුත් මේ වන විට ආනාවරණය වන පරිදි ඔහු අදාළ ව්‍යාපාරිකයා කියන පුද්ගලයාගෙන් ලක්ෂ පනහක මුදලක් ලබාගෙන නැත.

මෙම කරුණු හෙළිවී ඇත්තේ ඔහු බිරිඳ සහ දියණිය ඝාතනය කිරීමෙන් පසු සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් කරුණු ඇතුලත්ව පිටු 04ක ලිපිය ඔස්සේ කරනු ලබන විමර්ශන ඔස්සේයි.

මධ්‍යම පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයැවීමෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන්නේ ගම්පොල කොට්ඨාශයභාර පොලිස් අධිකාරී එරික් පෙරේරාය.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ඔහු යටතේ ක්‍රියාත්මක විමර්ශකයින් මහනුවර පොලිස් ප්‍රධානියෙකුගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

ඊට මුල්වී ඇත්තේ ව්‍යාපාරිකයා සහ එම පොලිස් ප්‍රධානියා අතර ඇති සම්බන්ධය ගැන මෙන්ම සියදිවි හානිකරගත් චම්පිකගෙන් එම පොලිස් ප්‍රධානියාට ලබාදීමට යැයි සඳහන් කරමින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගැනීමක් ගැන ද මෙහිදී විමර්ශනයට ලක් වෙනවා.

එසේම අදාල ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලක් මුල්කරගෙන මහනුවර පොලිස් ලොක්කන්ගෙන් චම්පික නිලන්තට එල්ලවූ විවිධ පීඩන සහ තර්ජනය කිරීම් ගැන ද විමර්ශන පවත්වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

රත්තරන් පළදින්න බලන් ඉන්න ඔයාට අද රන් මිල මෙන්න

රත්තරන් පළදින්න බලන් ඉන්න ඔයාට අද රන් මිල මෙන්න

චම්පික නිලන්ත ට ස්ථිර රැකියාවක් තිබී නැත. ඔහු කර ඇත්තේ බ්‍රෝකර් රැකියාවය.

එහිදී ඔහු මෙම ව්‍යාපාරිකයාට ඉඩමක් අලෙවි කිරීමට බ්‍රෝකර් කටයුත්තක් කර ඇත. එම ඉඩම ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 03කට පමණය.

ඊට මාස කිහිපයකට පසු එම ඉඩම රුපියල් කෝටි තුනහා මාරකට අලෙවිකර දෙන ලෙස ව්‍යාපාරිකයා චම්පිකගෙන් ඉල්ලා තිබෙනවා.

එහෙත් එම ඉඩමේ සැළසුම අනුමත කර නොතිබීම හේතුවෙන් ඉඩම එම මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව මියගිය චම්පික සඳහන් කර තිබේ.

එහිදී මෙම ව්‍යාපාරිකයා චමිපික බිය ගන්වා ඇති අතර, ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිටි වකවානුවේ දී එම ඉඩමේ සැලසුම අනුමත කළ ආකාරයට ව්‍යාජ අනුමැතියක් චමිපිකගේ අත්සනින් සකස්කර ඇති බව ට තොරතුරක් ගැනද පරීක්ෂණ පවත්වන බව මහනුවර පොලිස් ප්‍රධානියෙක් සඳහන් කළේය.

පසුව මෙම ව්‍යාපාරිකයා චම්පිකට එරෙහිව ඉඩමකට ව්‍යාජ සැළසුමක් සකස්කල බවට පැමිණිල්ලක් දමා ඇති බවත් ව්‍යාපාරිකයාට හිතවත් පොලිස් ප්‍රධානීන් කිහිප දෙදෙනෙක් ඒ පිටුපස සිටින්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

මෙම පැමිණිල්ල මුල්කරගෙන චම්පිකට පොලිසියෙන් මෙන්ම ව්‍යාපාරිකයාගෙන්ද තර්ජන බිය ගැන්වීම් පහරදීම් සිදුව ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර අවසානයේදී චම්පික සතු වාහනයත් ව්‍යාපාරිකයා විසින් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙහිදී ඇති වූ මානසික පීඩනය සහ ගැටලුව නිරාකරණය කරගැනීමට නොහැකිවීම වැනි කරුණු මත ඔහු සිය දිවි හානි කර ගැනීමට ඇතැයි මත පල කරයි.

ReeCha