ජොන්ස්ටන්ට විරුද්ධව තවත් නඩුවක් අධිකරණයට මේ සැරේනම් සොරි තමයි

Report

වෙළඳ අමාත්‍යධූරය දැරූ කාලය තුළ, සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නීතිමය රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල නිරත කිරීම හරහා රාජ්‍යයට ආර්ථික හානි සිදු කළ බවට චෝදනා ඇති නඩුවක් අද (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගන්නා ලදි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

මෙම නඩුව හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් සාකිර් යන අයෙකුට එරෙහිව අල්ලස් හෙවත් දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති අතර, එය 2010 සිට 2014 තෙක් කාලය අදාල වේ.

ශ්‍රී ලංකාවේ ළමුන්ට අලුත්ම සෞඛ්‍ය ගැටලුවක් - අවුරුදු 30ක් තිස්සේ තිබ්බේ නැති ප්‍රශ්නයක්

ශ්‍රී ලංකාවේ ළමුන්ට අලුත්ම සෞඛ්‍ය ගැටලුවක් - අවුරුදු 30ක් තිස්සේ තිබ්බේ නැති ප්‍රශ්නයක්

මෙය විභාගයට ගනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේදීය. විභාගයේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ නායකත්වයෙන්, සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගන්නා ලදි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ඊට අනුව, නඩුවේ අදාළ තවත් සාක්ෂි විභාගය 2025 ඔක්තෝබර් 16 වනදාට යළි නියම කර ඇත.