ඉදිරි පැය කිහිපය මුළු රටටම තීරණාත්මකයි..සියලුම දෙනා මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අද (27) දිනයේදී සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම පීඩන අවපාතය ඊයේ (26) පෙරවරු 11.30 ට පමණ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 280 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබූ අතර, එය මෙරට නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ පළාත් හයක තද වැසි ඇතිවන අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං පවතින අතර, අද (27) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා
. කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවන බවයි.
අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 27 ක් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර මහතා පැවසුවේ.
දිවයිනේ ප්‍රධාන වැව් 73 හි සමස්ත ජල ධාරිතාවය සියයට 65 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර, අධික වැසි තත්ත්වය සමග ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
You May Like This Video