ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

Report

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද (17) දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

ජනපති අපේක්ෂකයින් 04ක් අද ලංකාවේ විවිධ තැන්වල කරන්න යන දේ..

ජනපති අපේක්ෂකයින් 04ක් අද ලංකාවේ විවිධ තැන්වල කරන්න යන දේ..


ඒ අනුව, අද අලුයම එකෙන් අවසන් වූ ගතවූ පැය විසි හතර තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එය දැක්වුණේ මිලිමීටර 191.5ක් ලෙස බවයි දැනුම්දී ඇත්තේ.

කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 177ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව වාර්තා වේ. ඊට අමතරව ඉංගිරිය - නිමලගල ප්‍රදේශයට මිලිමීටර 165.75ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි වාර්තා වේ.

මේ අතර, ඊයේ (16) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ද ජලයෙන් යටවිය.

මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයෙ රෑ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වෙයි..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයෙ රෑ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වෙයි..


පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බවයි දන්වා ඇත්තේ.

එමෙන්ම වර්ෂාවත් සමඟ ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. තවද, වැසිත් සමඟ රත්නපුර, කළුතර සහ ගාල්ල ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටව ඇති බව ද වාර්තා වේ.

පැලවත්ත - මතුගම මාර්ගය, පැලවත්ත - බදුරලිය මාර්ගය, පැලවත්ත - වළල්ලාවිට මාර්ගය මෙලෙස ජලයෙන් යටව ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව බදුරලිය - කලවාන මාර්ගය සහ බදුරලිය - පැණිගල මාර්ගයද ජලයෙන් යටව පවතින බව වාර්තා වනවා.

කාන්තාවක් ප්‍රධාන මාර්ගයක මැදට ඇවිත් දෙනෝදාහක් බලන් ඉද්දි කරපු දේ..දැඩි රථවාහන තදබදයකුත් ඇති වෙයි..

කාන්තාවක් ප්‍රධාන මාර්ගයක මැදට ඇවිත් දෙනෝදාහක් බලන් ඉද්දි කරපු දේ..දැඩි රථවාහන තදබදයකුත් ඇති වෙයි..


මේ අතර, කළු ගඟේ, කුඩා ගඟ සහ මගුරු ගඟ පිටාර තැන්නේ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල අවට ජනතාවට ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.

Gallery