ජනප්‍රිය නිළියක් අතින් දරුණු අනතුරක් - නිළිය ඇතුළු දෙන්නෙක් රෝහලේ

Report

බත්තරමුල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් තුළදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රසිද්ධ නිළියක් විසින් පදවනු ලැබූ මෝටර් රථයක ගැටීමෙන් බව පවසයි.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගේ වයස අවුරුදු 27ක් සහ 36ක් වන බව සඳහන්.

එමෙන්ම ඔවුන් කොටිකාවත්ත සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද පොලිසිය හඳුනා ගෙන තිබෙනවා.

බිහිසුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට 7ට බරපතළයි

බිහිසුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට 7ට බරපතළයි

වාර්තා වූ ආකාරයට මෙම අනතුර අඳාළ ජනප්‍රිය නිළිය තමන්ගේ මෝටර් රථය පසුපසට ධාවනය කරන විට සිදුව තිබෙනවා.

මේ අතර තුවාල ලැබූ කාන්තාවන් අතුරින් එක් අයෙකුගේ පාදයක් බිඳී ඇති අතර, අනෙක් කාන්තාවගේ උකුල් ඇටයට හානි සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

එසේම පොලිසිය තවදුරටත් සඳහන් කළේ අනතුරට හේතු වූ ජනප්‍රිය නිළිය ද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

කෙසේ වෙතත් එම නිළිය අනතුර සිදුවන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්