කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

Report

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම (AASL) මඟින් සංචාරක සමය සඳහා මෙරට ගුවන් ගමන් මෙහෙයුම් සහ මගී පරිමාවන් විශාල ලෙස ඉහළ යනු ඇති බව ප්‍රකශ කරයි. ඒ අනුව එම සමාගම සඳහන් කරන්නේ නව ගුවන් සේවා කාලසටහන් සහ පුළුල් කරන ලද මාර්ග ජාල මේ සඳහා සහාය වනු ඇති බවයි.

එසේම මෙරට උච්චතම සංචාරක සමය නොවැම්බර් මාසයේ ආරම්භ වී පෙබරවාරි මාසය දක්වා පවතින බව වාර්තා වේ.

ඒ අනුව සමාගම පවසන්නේ මෙම කාලය ඇතුළත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) යන දෙකෙහිම නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව‍යි.

ලබන ඔක්තෝබර් 27 වැනිදා කුවේට් එයාර්වේස් (Kuwait Airways) සතියකට ගුවන් ගමන් හතරක් සමඟින් BIA වෙත නැවත සේවා ආරම්භ කිරීමට නියමිතව ඇත.

සුබ ආරංචියක් - මේ ණය ගෙවා ගන්න බැරි අයට සහනයක්

සුබ ආරංචියක් - මේ ණය ගෙවා ගන්න බැරි අයට සහනයක්

එසේම ඔක්තෝබර් 28 වැනිදා බෙලරුස්හි ජාතික ගුවන් සේවය වන බෙලාවියා එයාර්ලයින්ස් (Belavia Airlines) MRIA වෙත නියමිත ප්‍රඥප්ති මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

ඔක්තෝබර් 28 වැනිදා රුසියාවේ රෙඩ් වින්ග්ස් එයාර්ලයින්ස් (Red Wings Airlines) සතියකට ගුවන් ගමන් පහක් හම්බන්තොට වෙත ආරම්භ කිරීමට නියමිත අතර, ස්විස් ඉන්ටර්නැෂනල් එයාර් ලයින්ස් හි අනුබද්ධිත සමාගමක් වන එඩෙල්වයිස් (Edelweiss) BIA වෙත තම ශීත සෘතු මෙහෙයුම් ආරම්භ කිරීමට ද නියමිතව ඇති බව සඳහන්.

එමෙන්ම ලබන ඔක්තෝබර් 30 වැනිදා පෝලන්තයේ එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවය 2026 අප්‍රේල් මැද දක්වා සෑම දින 10කට වරක් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල වෝර්සෝ සහ කොළඹ අතර නිත්‍ය ප්‍රඥප්ති ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බවත් වාර්තා වේ.

මේ අතර 2026 ජනවාරි මාසයේදී බීජිං කැපිටල් එයාර්ලයින්ස් (Beijing Capital Airlines) බීජිං ඩැක්සින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ වෙත සතියකට දෙවරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව පවසයි.

සුභ ආරංචියක් - විදුලි ගාස්තු පහළට

සුභ ආරංචියක් - විදුලි ගාස්තු පහළට

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ