බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ අවදානමක්

Report

තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත එම නිවේදනයේ සදහන් වෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙසයි.

එම නිවේදනය අද (24) උදෑසන 10ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

තවද කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද අදාළ නිවේදනය මඟින් දැනුවත් කර තිබේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ අවදානමක් | Warning Notice

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශදේ අද (24) දින පෙ.ව. 5.30 වන විට, අඩු පීඩන කලාපයක් වර්ධනය වී තිබේ. එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.

ඒ අනුව අක්ෂාංශ 05 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් නැවත දැනුම් දෙන තුරු වැළකී සිටින ලෙස සදහන් කරයි.

මුළු ලංකාවේම අද තත්ත්වය - 1න් පස්සේ වෙන්නේ මේකයි

මුළු ලංකාවේම අද තත්ත්වය - 1න් පස්සේ වෙන්නේ මේකයි

මේ වනවිට එම ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකරමින් සිටී නම් ඔක්තෝබර් 25 වන දිනට පෙර එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ. 

ඉහත සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දකවා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි වේ.

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්

කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්