පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය හත් දෙනෙක් කොටු
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන් වේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ තොරතුරකට අනුවයි.
මේ සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.