ගණේමුල්ල සංජීව ඝාතනය - වෙඩික්කරු සහ ඉෂාරාට ආධාර අනුබල දුන් 4ක් රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර ලබාදුන් බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු 2025 නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මේ අතර, ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින වෙඩික්කරු ඇතුළු අනෙකුත් සැකකරුවන් ද නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.