ජනපති අපේක්ෂකයින් 04ක් අද ලංකාවේ විවිධ තැන්වල කරන්න යන දේ..

Report

ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙක් අද (17)මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද පැවැත්වෙන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජනරැලි 03ක් අද දකුණු පළාතෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මහතාගේ මංගල ජනරැලිය අද යාපනය, රක්කාපිටියේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ලන්තෑරුම ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද ගම්පහ නගරයෙන් ආරම්භ වන බවයි පැවසෙන්නේ.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ මංගල රැලිය අද පෙරවරු 11 ට ගම්පහ පරණ බස් නැවතුම්පලේදී පැවැත්වෙනු ඇති.

වාහන ආනයනය සම්බන්ධයෙන් කරන්න යන දේ..මිල ගණන් ඉහළ නගී.

වාහන ආනයනය සම්බන්ධයෙන් කරන්න යන දේ..මිල ගණන් ඉහළ නගී.


පස්වරු 2ට මිනුවන්ගොඩ, පස්වරු 4 ට නාත්තණ්ඩිය, සහ පස්වරු 6 ට හලාවතදි, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ රැලි පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.