පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනයෙන් සුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා උසස් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1.5කට ආසන්න මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙම ප්‍රකාශය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදෙන දායකත්වය පිළිබඳව මන්ත්‍රීවරයකු විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සිදුවුණා.

අලුත් වාහන ගන්න කෝටි ලක්ෂ 100ක ණය අරන් - මහ බැංකු වාර්තාව එලියට

අලුත් වාහන ගන්න කෝටි ලක්ෂ 100ක ණය අරන් - මහ බැංකු වාර්තාව එලියට

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ආම්පන්න ලබාදීම, ක්‍රීඩා තරග පැවැත්වීම යනාදි විවිධ අංශ යටතේ පාසල් ක්‍රිකට් සංගමය හරහා මෙම මුදල් ලබාදෙන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර ස්ථාන කිහිපයක ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට බලාපෙරෝතුව වන බවද ඔහු පැවසීය. 

ඇමරිකා සම්බාධක එක්කම එකවරටම තෙල් මිල ඉහළට

ඇමරිකා සම්බාධක එක්කම එකවරටම තෙල් මිල ඉහළට