හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටෙයි
By Kanchana
ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සහ තද සුළං තත්වය හේතුවෙන් වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටී තිබේ.
එ හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි කිහිපයකට ඇණහිට තිබූ බව වාර්තා වෙයි.
හැටන් කෙළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට අධි බලැති විදුලි රැහැන් පද්ධතිය මෙලෙස කඩා වැටී ඇත.
ගිනිගත්හෙනේ සිට කරවනැල්ල දක්වා ඇද ඇති එම අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලිය විසන්ධි කිරිමෙන් පසු පොල්පිටිය පොලිසියේ නිළධාරින්, විදුලි බල මණ්ඩලයේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටුණු කම්බි කපා ඉවත් කිරිමට කටයුතු කර තිබේ.
ඉන්පසුව පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් විය.