පද්මේගේ ෆෝන් එකෙන් තවත් කට්ටියකට වැඩ වරදී - වීඩියෝ එකකුත් ලීක් වෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබුණා.
ඒ අතර ප්‍රකට රංගන ශිල්පිනියන් පස්දෙනෙකු සහ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනූ නිරූපණ ශිල්පිනියක් සම්බන්ධ තොරතුරුද හෙළි වී ඇති බව සඳහන්.
එබැවින් ඔවුන් හයදෙනා සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අඳාළ කාන්තාවන් හයදෙනා කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් කෙහෙල්බද්දර පද්මේ වැඩිදුර විමර්ශන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමෙන් අනතුරුව ඔහු සතු ජංගම දුරකථන ද CID භාරයට ගෙන පරීක්ෂාවට ලක් කෙරුණා.
එහිදී එම දුරකථනයේ තිබී එක් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ඇගේ පෙම්වතා සමඟ සිටින අසභ්‍ය වීඩියෝවක් හමුවූ බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එසේම අනෙක් රංගන ශිල්පිනියන් පස්දෙනාගේ සහ ‘මිස් ශ්‍රී ලංකා’ නිරූපණ ශිල්පිනියගේ ඡායාරූපද ජංගම දුරකථනයේ තිබියදී හමුව ඇත.
එසේ හමුවූ ඡායාරූපවලින් බොහොමයක්, කෙහෙල්බද්දර පද්මේ සමඟ විදේශ රටවලදී ගත් ඒවා බවද සඳහන්.