විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..හදිසියේ සිදු වූ දේ..
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Aruna
විදුලිය ගාස්තු සංශෝධන කටයුත්ත සති හයකින් පමණ කල් දැනු ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමට මෙම කාලය ගතවන බවයි පැවසෙන්නේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා තිබෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය නියමිත ක්‍රමවේදන අනුකූල නැතැයි පවසමින් යළි සකස් කර දෙන ලෙසයි.
ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස මණ්ඩලය මහජන උපයෝගීතාව කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
එම නව යෝජනාවලිය අධ්‍යනය කර අනුමැතිය දීම සදහා අදාල කාලය ගත වනු ඇති බව සදහන් වනවා.