අද තද සුළං සමග අනෝරා වැසි.පළාත් කීපයකට අවදානම්

Report

 ඉදිරියේදී කාලගුණයේ විවිධ වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව , අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි