අද සිට කාලගුණයේ වෙනසක්..ඉදිරි දින කිහිපයේ වෙන දේ මෙන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Feb 08, 2025 12:30 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා. දෙපාර්තමේන්තුව පවසනවා.

අද දින සිට ඉදිරි දින කිහිපයේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)


මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැක.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

You May Like This Vide



ReeCha