දිවයිනේ ප්‍රදේ්ශ රැසකට වැසි සහ සුළං වැඩි වෙයි..මේ ගැන අවධානයෙන් ඉන්න..

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..


තවද මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.