අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

Ministry of Education Dinesh Gunawardena Strike Sri Lanka Sri Lankan Schools Education
By Aruna Jun 25, 2024 11:53 PM GMT
Aruna

Aruna

Report

අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, රජය පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වලින් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.

අද ඔබට වාසනාව උදාකරන යහපත් ග්‍රහයෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි..

අද ඔබට වාසනාව උදාකරන යහපත් ග්‍රහයෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි..


මේ අතර අද(26) දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අද පාසල් පැමිණෙන දරුවන්ට දැනටමත් පාසල් පැමිණීමේ අවිනිශ්චිතතාවයක් ඇතිවී තිබේ.

ඊට හේතුව නම් ගුරුවරුන් පාසල් නොපැමිණේ යැයි අවිනිශ්චිතතාවයයි. කෙසේවෙතත් අද(26) සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම,ඊයේ (25) දිනයේ රජයේ විධායක නිලධාරීන්ගේ එකමුතුව අසනීප නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඊයේ(25) දහවල් ඔවු මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට ද කටයුතු කළේ ය.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (25) පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්.

තව ද, එම එකමුතුවේ විධායක කමිටු සාමාජික එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ(25) මෙන්ම අද (26) දිනයේ දී ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

පෙට්ට්‍රල් වලට එකවරම 50%කින් සිදු වූ දේ..

පෙට්ට්‍රල් වලට එකවරම 50%කින් සිදු වූ දේ..


මෙයට සමගාමීව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඊයේ(25) ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර දැමුණේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වීමද විශේෂත්වයක්.

එහෙත්, විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය ඉංජිනේරු, කෘෂිකර්ම, දේශීය ආදායම් සේවය, ගණකාධිකාරී ඇතුළු සේවා 18ක සාමාජිකයින් එක්ව සිටියා.

ඒ හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවාවලට ඊයේ(25) දිනයේ බාධා එල්ල වීම හේතුවෙන් රාජකාරි ඉටුකරවා ගැනීමට පැමිණි ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර, ඊයේ(25) දහවල් විධායක නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවයක නිරත වුණා.

එහිදී අතිරේක ලේකම්වරියක් සමග ඔවුන්ට සාකච්ඡාවක් ද ලබා දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.