අද එළියට යන අය කලින්ම මේ ගැන දැනුවත් වේලා යන්න..නැතිනම් අමාරුවෙ වැටෙයි..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 21, 2024 01:08 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව නවතම නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


මේ අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මී උණ ගැන භයානක දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

මී උණ ගැන භයානක දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%