මී උණ ගැන භයානක දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Cold Fever Ministry of Health Sri Lanka National Health Service Office of Public Health
By Aruna Jun 20, 2024 05:33 PM GMT
Aruna

Aruna

Report

මේ වසරේ ගත වූ මාස 6 තුළ පමණක් මෙරටින් මී උණ රෝගීන් 5000ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණ තත්ත්වයක් හෝ මී උණ රෝගී ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.

මෙම රෝගයට හේතුවන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් මීයන්ගේ මුත්‍රාවල අඩංගු වුවද, මේ වන විට එය ගවයන්ගේ, සුනඛයන්ගේ සහ ඌරන්ගේ මළ සහ මුත්‍රාවලද අන්තර්ගත බවට සොයා ගෙන ඇති බව වාර්තා වනවා.

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..


මේ අතර, මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනු ලැබේ.

ලෝකයේ නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලින් මී උණ රෝගීහු බහුලව වාර්තා වෙති. මෙය ‘ leptospirainterrogans ‘ නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් හට ගැනේ.

මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ.

ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.

⭕බැක්ටීරියාව ශරීරගත වීම

⭕ ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල ( ඇස් හෝ මුඛයේ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු වේ.

⭕රෝග ව්‍යාප්තියේ සුලබ කාලය

⭕ අපේ රටේ මුළු වසර පුරාම මී උණ රෝගීන් වාර්තා වුවද මාර්තු සිට මැයි දක්වාත් , ඔක්තෝබර් සිට දෙසැම්බර් මාස දක්වාත් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරේ.

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..


මෝසම් වැසි කාලය මෙන්ම යල – මහා කන්න ගොයම් වැඩ කටයුතුවල නිරතවන කාල වකවානුද මී උණ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ අනුව මතුවන සංකූලතා පහත දැක්වේ.

♦ උණ

♦ මස් පිඩු වේදනාව

♦ ඇස් රතු වීම

♦ හිසරදය

♦ මුත්‍රා කහ පැහැ වීම

♦ මුත්‍රා යාම අඩු වීම

♦ වමනය

♦ සිරුරේ අප්‍රාණිකත්වය

මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

මී උණ මාරාන්තිකද?

නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..

ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..


මී උණෙන් වැළකීම

♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කානු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්, ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි.

එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැනුම්වත් වී සිටිය යුතු වේ.

♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

♦ තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න.

නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.

♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.

♦ ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදීද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.

♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ.

මේ අනුව මෙම අවධානම් තත්ත්වය නිසා මෙම රෝගය යම් අයෙකුට වැළඳුනහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කරන්නැයි වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%