රටටම තීරණාත්මකයි - ඉදිරි දින 04 තුළ ලංකාවට වෙන්න යන දේ..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දින 04 තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් යළි අපේක්ෂා කරන බව සඳහන් කළේ ය.
මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් හේතුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කෙරිණ.
මේ අතර අයහපත් කාලගුණය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්න මාර්ග කොටසේ දී පස් කන්දක් කඩා වැටිණ.
ඒ හේතුවෙන් එම පස් කොටස් ඉවත් කිරීමේ කටයුතු පසුගියදා රාත්‍රියේ දී සිදු කෙරුණා.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අද උදෑසන වන විට පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පැවැති බවත් රථවාහන ගමනාගමනය සදහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ය.
කෙසේවෙතත් අදත් (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිය.
එම සම්පූර්ණ විස්තරය පහතින්,
