ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය කාන්තා පාසලකට ගිය හේතුවෙන් පිරිමි යහළුවන් නොසිටි බවත්, තමා පිරිමි පාසලකට ගිය හේතුවෙන් ගැහැණු යහළුවන් නොසිටි බවත් සභා නායක ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
මෙය මෙරට බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ගැටළුවක් බවත්, එම තත්ත්වය හේතුවෙන් ගැටලු රැසක් ඇතිව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගැහැණු සහ පිරිමි පාසල් වෙන්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.