කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?
පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) ආරංචි මාර්ග වලට අනුව, රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.
CIABOC වෙත ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලින් අනතුරුව, අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම හිටපු අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා.
ඒවා අතර, විවිධ ව්‍යාපෘති සඳහා යැයි පවසමින් රජයේ මුදල් අවභාවිත කිරීම, අදාළ ආයතනයෙන් ලබාදෙන විවිධ රැකියා කෝටා සඳහා ව්‍යාපාරිකයන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් ලබා ගැනීම සහ අමාත්‍යාංශයෙන් විවිධ වෘත්තිකයන්ට ලබා දුන් වරප්‍රසාදයක් ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම ආදිය ප්‍රධාන වනවා.
