ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉහත්තාවේ පිහිටා ඇති අරලිය හෝටලය වැව් රක්ෂිතයට අයිති භූමියක ඉදිකර ඇති එකක් නොවන බව පවසා ඇති බව සදහන්.
එහෙත් එම හෝටලයේ ඉදිරිපස වැට ඉදිකර ඇත්තේ වැවු රක්ෂිත ප්‍රදේශයක බවට දැනට තොරතුරු ලැබී ඇති බවද ඔහු පවසා ඇත.
ඒ හේතුවෙන් ඉවත් කරනවා නම් ඉවත් කිරීමට ඇත්තේ එම හෝටලයේ වැට පමණක් බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එසේම මෙහිදී ඔහු තවදුරටත් ලියා ඇත්තේ ඩඩ්ලි සිරිසේන මහතා එම හෝටලය ලබාගෙන ඇත්තේ සංචාරක මණ්ඩලයෙන් බවයි.
අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත්තේ උත්සව සභාවක් අමතමින් බව සඳහන්.