මෙහෙමත් ගෑණු, එපා නම් යන් නැතුව අනියම් පෙම්වතා එක්ක සැමියට දෙපාරක් වස දීලා මරලා

Report

කාන්තාවක් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පෙම්වතා සමඟ එක්ව සැමියා ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව මොවුන් දෙදෙනා එක්ව අවස්ථා දෙකක දී සැමියාට වස දී ඇති බව සඳහන්.

එහිදී එම දෙවන අවස්ථාවේ දී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

මෙහිදී ෆිරෝසාබාද් නගර පොලිස් අධිකාරී රවි ශංකර් විසින් කාන්තාව, අනියම් පෙම්වතා සමඟ එක්ව සුනිල් නැමැති තම සැමියාට ඉකුත් මැයි මස 13 වන දින වස ලබා දී ඇති බව පවසා ඇත.

එම අවස්ථාවේදී ඔහුව රෝහල් ගතකර ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත නිවසට පැමිණ ඇත.

එහෙත් එම උත්සාහය සාර්ථක වීමෙන් පසු මොවුන් දෙදෙනා එක්ව සැමියාට නැවත වස දී ඝාතනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වස ඇණවුම්කර එම වස පාර්සලයට නිවසට ගෙන්වාගෙන ඇති බවයි හෙළිව තිබෙන බව සඳහන්.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

පසුව එම වස ආහාරවලට මිශ්‍රකර කාන්තාව සැමියාට ලබාදී ඇති අතර එම වස මිශ්‍ර ආහාර ගත් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (24) දින චුලා පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකාර බිරිද සහ ඇයගේ අනියම් පෙම්වතා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේම පොලිසිය සිදුකළ විමර්ශනවල දී වස අඩංගු කිරි බදුනක් සහ වස බෝතලයක් ද නිවසේ තිබී සොයාගෙන ඇති අතර දෙදෙනා අතර පැවති අනියම් සම්බන්ධය සැමියා දැනගැනීමත් සමඟ ඔහුව ඝාතනය කිරීමට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත. 

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?