ලාංකිකයන් අඩුවෙන්ම භාවිතා කරන සමාජ මාධ්‍ය මෙන්න

Facebook WhatsApp Snapchat Social Media Sinhala news
By Hashini Jul 26, 2025 10:14 AM GMT
Hashini

Hashini

Report

මෙරට පුද්ගලයන් භාවිත කරන සමාජ මාධ්‍ය අතුරින් අවම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ස්නැප් චැට් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

එම කොමිෂන් සභාවේ 2024 වසරේ දත්තවලට අනුව ස්නැප් චැට් පරිශීලක සංඛ්‍යාව හතළිස් ලක්ෂ දොළොස්දහස් එකසිය විසිඑකකි.

මෙරට ජංගම දුරකථන පරිශීලකයන් වැඩිම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් වන අතර එම පරිශීලකයන් ගණන එක්කෝටි තිස් එක් ලක්ෂ හාරසිය දොළහක් බවයි එම තොරතුරුවලට අනුව දක්වා තිබෙනවා.

පර්චස් 204ක ඉඩම මහනුවර පිළිකා රෝහලට පරිත්‍යාග කළ රෆීක් හාජී මහතා අභාවප්‍රාප්ත විය

පර්චස් 204ක ඉඩම මහනුවර පිළිකා රෝහලට පරිත්‍යාග කළ රෆීක් හාජී මහතා අභාවප්‍රාප්ත විය

 

ඊට අමතරව එක්කෝටි හතළිස්පන්ලක්ෂ විසිඅටදහස් තුන්සිය හැත්තෑ එකක් යූටියුබ් පරිශීලකයන් වන අතර වට්ස්ඇප් පරිශීලකයන් ගණන එක්කෝටි හතළිස් නව ලක්ෂ විසිඅට දහස් පන්සිය විස්සකි.

වයිබර් පරිශීලකයන් ගණන හැට ලක්ෂ හැට අටදහස් අටසිය තිස්තුනකි.

එසේම ටික්ටොක් පරිශීලකයන් ගණන එක්කෝටි පනස්පන් ලක්ෂ හත්දහස් පනස් දෙකක්ද, ඉමෝ පරිශීලකයන් ගණන හැත්තෑහය ලක්ෂ හැටදෙදහස් අටසිය දාහතක්ද, ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයන් ගණන අසූහතර ලක්ෂ හැත්තෑ දහස් හයසිය අනූ අටක්ද වන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ReeCha