ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්

By Hashini Jul 26, 2025 12:12 PM GMT
Report

ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරන්නේ ගාසා තීරයේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ දින ගණනක් ආහාර නොමැති බවයි.

කාන්තාවන් සහ ළමුන් 90,000කගේ පමණ මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් ඔවුන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාවක්ද මතුව තිබෙනවා.

මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 122 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

මෙම උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට හේතු වී ඇත්තේ ගාසා තීරයට ආහාර හා අනෙකුත් සේවා සැපයීමේ දී මතුව ඇති දුෂ්කරතාවන්ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති මානුෂීය අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය බවයි. 

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල