අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට[PHOTO]

Report

දකුණු අප්‍රිකාවේ සුප්‍රසිද්ධ ගොන්ඩ්වානා පෞද්ගලික වනෝද්‍යානයේ හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරී, කෝටිපතියෙක් වූ ෆ්‍රන්සුවා ක්‍රිස්ටියාන් කොන්රාඩි, ප්‍රහාරක ඇතෙක් පෑගීමෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම අනතුර ඉකුත් ජූලි මස 22 වන අඟහරුවාදා උදෑසන 8ට පමණ සිදුව ඇත. ඒ වනෝද්‍යානයේ සංචාරක නවාතැන් ආසන්නයේ ගැවසෙමින් සිටි අලි රංචුවක් ඉන් ඉවතට යොමු කිරීමට කොන්රාඩි මහතා උත්සහ දැරූ මොහොතේ දී බව සඳහන්.

විදුලබල මණ්ඩලයෙන් සේවකයක් ගැන ප්‍රකාශයක්

විදුලබල මණ්ඩලයෙන් සේවකයක් ගැන ප්‍රකාශයක්

එම අවස්ථාවේදී ටොන් හයක පමණ බරැති ඇතෙක් ඔහුට දළවලින් ඇන බහුවිධ ලෙස පාගා දමා තිබෙනවා.

එහිදී ඒ ආසන්නයේ සිටි වනෝද්‍යාන පාලකයන් ඉක්මනින් දුව ආවද ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් Caylix සමූහ ක්‍රීඩා කළමනාකරණ සමාගමේ හිමිකරු වූ කොන්රාඩි මහතා වන සතුන්ට සහ සොබාදහමට දැඩි සේ ආදරය කළ පුද්ගලයෙක් බව ඔහුගේ කාර්ය මණ්ඩලය පවසයි.

එසේම සත්ව විද්‍යාව, වාණිජ විද්‍යාව සහ අලෙවිකරණය පිළිබඳ ගෞරව උපාධි හිමි ඔහු නිරතුරුවම වන සතුන්, විශේෂයෙන් අලින්ගේ ඡායාරූප ගැනීමට උනන්දුවක් දැක්වූ "අභිලාෂකාමී ව්‍යාපාරිකයෙක් මෙන්ම දැඩි පරිසර ලෝලියෙක් ලෙස ද ප්‍රකටව සිට ඇත.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

මේ අතර ගොන්ඩ්වානා වනෝද්‍යානයේ සේවකයෙක් කියා ඇත්තේ "ඔහු අලින්ට බෙහෙවින් ආදරය කළ අතර, අලින්ද තමා කෙරෙහි විශ්වාසයක් තබා ඇතැයි ඔහු නිතරම සිතු බවයි. එහෙත් රක්ෂිතයක ජීවත් වුවද මේ සතුන් වනාන්තරයේ සතුන් බව අප අමතක නොකළ යුතු බව ද ඔහු කියයි.

මෙම සිදුවීම වන අවස්ථාවේදී එක් රැයකට පවුම් 900ක් වැනි ඉහළ අගයකට, වනෝද්‍යානය සම්පූර්ණයෙන්ම වෙන්කර තිබී ඇති බව වාර්තා වේ.

එසේම වසරකටත් අඩු කාලයක් තුළ මෙම වනෝද්‍යානයේ සිදු වූ දෙවන මාරාන්තික අලි ප්‍රහාරය මෙය බව පවසයි.

ඒ ඉකුත් 2023 වසරේ මාර්තු මාසයේදී, 36 හැවිරිදි සේවකයෙක් වූ ඩේවිඩ් කන්ඩෙලා ද මෙවැනිම අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බැවිනි.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

කෙසේ වෙතත් කොන්රාඩි මහතාගේ මරණය, වනෝද්‍යාන තුළ පවතින ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති කර තිබෙනවා.

කොන්රාඩි වැනි පළපුරුදු වෘත්තිකයන් පවා වන සතුන් හා කටයුතු කිරීමේදී ඇති අවදානම මේ ඔස්සේ අවධාරණය කරයි.

ඒ අනුව විශේෂඥයන් සාමාන්‍යයෙන් සන්සුන් ස්වභාවයක් පෙන්නුම් කළත් වන අලින් ඕනෑම මොහොතක ප්‍රචණ්ඩකාරී විය හැකි බව පෙන්වා දෙයි. 

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට | Billionaire Ceo Dies Trampled By Elephant