ලංකාවේ ඇඟලුම් අපනයනය ඉහළට

Export Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 26, 2025 11:28 AM GMT
Hashini

Hashini

Report

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ 2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී ඇති බවයි.

එහිදී, යුරෝපා සංගමය (EU) (+23.1%) සහ එක්සත් රාජධානිය (UK) (+20.4%) යන වෙළෙඳපොළවල්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එක්සත් ජනපදයේ (-5.7%) සහ අනෙකුත් කලාපවල (-9.3%) සිදුවූ පහළ වැටීම් සමනය කිරීමට එය සමත් වී ඇති බවයි සඳහන්.

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2025 වසරේ මුල් භාගය (ජනවාරි-ජූනි) සඳහා සමස්ත අපනයන වර්ධනය 8.95% ක් ලෙස වාර්තා වීැති අතර, යුරෝපා සංගමය (+16.7%), එක්සත් ජනපදය (+4.1%), එක්සත් රාජධානිය (+6.4%), සහ අනෙකුත් වෙළෙඳපොළවල් (+8.9%) යන වෙළෙඳපොළවල්වල ශක්තිමත් ක්‍රියාකාරීත්වයයි.

මෙම සංඛ්‍යා යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළෙඳපොළවල්වල දිරිගන්වනසුලු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ. 

"රාජිත එනවා හැබැයි දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ දණ නමන්නෙත් නෑ” චතුර සේනාරත්න

"රාජිත එනවා හැබැයි දේශපාලන දඩයම්වලට හිස නමන්නෙත් නෑ දණ නමන්නෙත් නෑ” චතුර සේනාරත්න

ReeCha