ජනාධිපති අරමුදලෙන් දැනුවත් කිරීමක්, අයදුම්පත් ගාණත් ඉහළට

Report

අද (26) දින ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

ඒ අනුව ජනාධිපති අරමුදලේ සෑම කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

එසේම පරිගණක මූලික කරගත් නව මාර්ගගත ක්‍රමවේදය (Online System) සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව ද පවසයි.

මේ අතර පළාත් මට්ටමින් ක්‍රියාත්මක පුහුණු වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව තිබූ අතර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල පිළිබඳව කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් 100කට අධික පිරිසක් ඊට සහභාගි වී තිබෙනවා.

එමෙන්ම මෙම වැඩසටහනෙන් නැගෙනහිර පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට බලාපොරොත්තු වන බව සඳහන්.

ඒ අනුව කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසකට ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති බව පවසයි.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

එසේම එම අරමුණ ඉටු කර ගැනීමට මෙවැනි පුහුණු වැඩසටහන් දැනටම බස්නාහිර, උතුර සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව වාර්තා වේ.

එසේම ජනාධිපති අරමුදලේ කාර්යභාරය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කර ඇත.

පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය සම්බන්ධයෙන් මෙන්ම වෛද්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදු වන ක්‍රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කරුණු පැහැදිලි කර තිබෙනවා.

තවද විෂය නිලධාරින් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සහභාගිත්වය සඳහා විෂය භාර නිලධාරින් වෙත සහතික පත් ප්‍රදානය කිරීමක්ද සිදු කළ බව සඳහන්.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්