ඊයේ වගේම වෙයි ද?. විමසිල්ලෙන්ම ඉන්න - වෙන දෙය ගැන මේ දැන් ලැබුණ කාලගුණ නිවේදනය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Jun 03, 2024 01:21 AM GMT
krishani

krishani

Report

අදත් (03) දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊයේ වගේම වෙයි ද?. විමසිල්ලෙන්ම ඉන්න - වෙන දෙය ගැන මේ දැන් ලැබුණ කාලගුණ නිවේදනය මෙන්න.. | Weather In Sri Lanka 03Rd June 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකිය.

මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ..

මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ..


දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..


එමෙන්ම, අද(03) උදෑසන 5.30 දක්වා වැඩිම වර්ෂාපතනය වරකාපොල ප්‍රදේශයෙන් වාර්තා වීය.

ඒ මිලිමීටර 246 ක් ලෙසයි.

කිරිඇල්ල,මිල්ලනිය,ඉංගිරිය,හොරණ,දොඩංගොඩ,බුලත්සිංහල,පාලින්දනුවර, සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය වනු ඇතැයි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)


මේ අතර, නිල්වලා ගගේ පහළ ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළට ගොස් තිබෙනවා.

එහි ගල් බන්ඩ් (BR 5 බැම්ම) සුළු වශයෙන් උතුරා යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.