හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..

Report

මේ වන විට දිවයිනට බල පෑ කාළගුණ තත්ත්වයත් සමග ජනතාව විපත් රැසකට මුහුණ පෑ අවස්ථාවන් රැසක් වාර්තා වීය.

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න.. | Weather In Sri Lanka 02Nd June 2024

එමෙන්ම, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ බව එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසෙයි ද?. මේ දැන් ගත්ත විශේෂ තීරණය මෙන්න..(UPDATE/PHOTOS)


මෙම නිවේදනය ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලත් මි.මී. 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර, අධික වර්ෂාවත් සමග කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

මේ වන විට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට ව ඇති බව වාර්තා වීය.