මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ..
මේ දිනවල මෙරටට බලපා ඇත්තේ අධික වර්ෂාපතන තත්ත්වයක් ය.
ඒ තත්ත්වය මත ඇති වුණ ගංවතුර නිසා මේ වනකොට ගොවිතැනටත් දරුණු ඉරණමකට මුහුණ දෙන්න වෙලා.
එලෙස පවතින වර්ෂාවත් සමඟ ඉදිරියේ දී එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදපොළ ආරංචි මාර්ග පවසයි.
ජල ගැලීම් හේතුවෙන් වගා බිම් හානි වීම් සහ එළවලු ප්‍රවාහනය කිරිමට අපහසුතා ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඉදිරිි දින කිහිපයේ දී එළවලුවල මිල ඉහළ යා හැකි බවටයි වාර්තා වූයේ.
කෙසේ වෙතත්, අද (02) දිනය වන විට ද වෙළදපොළේ සෑම එළවලු කිලෝ ග්‍රෑමයකම මිල රුපියල් 400 ඉක්මවා ඇති බව සඳහන් වීය.