ඉදිරි පැය 36 කාලගුණ අනාවැකිය මෙන්න- මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම
ඉදිරි පැය 36 තුළ ඌව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 නොවැම්බර් 18 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මහින්ද රාජපක්ෂට හදිසි දුරකථන ඇමතුමක් - 81 වැනි උපන්දිනය වෙනුවෙන් පෞද්ගලිකවම අමතා සුබ පතයි