හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මහින්ද රාජපක්ෂට හදිසි දුරකථන ඇමතුමක් - 81 වැනි උපන්දිනය වෙනුවෙන් පෞද්ගලිකවම අමතා සුබ පතයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි උපන්දිනය වෙනුවෙන් අද (18) දුරකථනය ඔස්සේ සුබ පැතුම් එක්කර තිබේ.
ඒ අනුව, වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම මහින්ද රාජපක්ෂ මහතා අමතා සිය උපන්දින සුබ පැතුම් පිරිනමා ඇති බව වාර්තා වේ. 1945 නොවැම්බර් 18 වැනිදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා අද සිය 81 වැනි උපන්දිනය සමරයි.
ඔහු 2005 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, පසුව අග්‍රාමාත්‍ය ධුරය ද හොබවා තිබේ.
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න