ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය මෙන්න
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඉදිරි පැය 36 ක සාමාන්‍ය කාලගුණ අනාවැකිය අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වය පවතින බවට සඳහන් වේ.
ඒ අනුව හෙට (30) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව දැක්වෙයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ.
සබරගමුව පළාතේ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 4.00 ට පසුව ස්ථානිකව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලදී අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.